Release
AVP Series & Release
🔸Aliens Vs Predator ගේම් Series එකේ [ First Person ] පස්වෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම ලංකාවෙනම් මේ ගේම් එක හුඟක් ප්‍රසිද්ධ වුනු ගේම් එකක් නෙමෙයි. කොහොම වුනත් ලංකාවේ සැලකිය යුතු පිරිසක් මේ ගේම් එක Play කරලා තියෙනවා. 🔹1989 වර්ෂයේදී Release වුනු Aliens Vs Predator කියන මනංකල්පිත Comic Series එක ඇසුරින් තමයි මේ Aliens Vs Predator කියන ගේම් Series එක නිර්මාණය වුනේ. ඇත්තටම Aliens කියන Franchise එක සහ Predator කියන Franchise එක එකට එකතු කරලා තමයි මේ Aliens Vs Predator කියන Multimedia Franchise එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම 1994 වර්ෂයේදී තමයි පලවෙනි Aliens Vs Predator [ First Person ] ගේම් එක Release වුනේ. Gameplay 🔹එකිනෙකට හුඟක් වෙනස් Gameplay තුනක් තමයි මේ Campaign තුනේ තිබුනේ. සාමාන්‍යයෙන් Singleplayer ගේම් එකක ඉතාමත් කලාතුරකින් තමයි දකින්නට ලැබෙන දෙයක් තමයි ඒක. මේ නිසා මේ ගේම් එක Play කරපු ක්‍රීඩකයින්ට අලුත්ම විදිහේ අත්දැකීමක් මේ ගේම් එක හරහා ලැබුනා. මීට අමතරව Survivor නැමැති තවත් Gameplay Mode එකක් මේ ගේම් එකේ Singleplayer Mode එකට ඇතුලත් කරලා තිබුනා. කොහොම වුනත් මේ Survivor Mode එකේනම් Story එකක් තිබුනේ නෑ. 🔸Specimen 06 හෙවත් Six කියන Xenomorph ජීවියා තමයි Alien Campaign එකේ ප්‍රධාන චරිතය වුනේ. එම ජීවියා ඇසුරින් තමයි Alien Campaign එකේ Gameplay එක හදලා තිබුනේ. වෙනත් ආයුධ භාවිතා කිරීමේ හැකියාවක් මේ Alien Campaign එකේ තිබුනේ නෑ. තම නිය සහ වලිගය යොදාගෙන තමයි සතුරන්ට පහර දිය යුත්තේ. සතුරාගේ ආසන්නයටම ගොස් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සතුරා අඩපණ කිරීමේ ක්‍රමවේදයක් තමයි මේ Alien Gameplay එකේ තිබුනේ. ඒ වගේම බිත්ති මත ගමන් කිරීමේ හැකියාව, උස් ස්ථානවල සිට බිමට පැනීමේ හැකියාව, බිත්ති හරහා සතුරන් දැකීමේ හැකියාව සහ නොපෙනී සිටින Predator ජීවීන්ව හඳුනා ගැනීමේ හැකියාව ඇතුළු විවිධ හැකියාවන් මේ Six කියන Xenomorph ජීවියාට තිබුනා. [ Genre - First Person Action ] 🔹Rookie කියන අභ්‍යවකාශ සෙබලා තමයි Marine Campaign එකේ ප්‍රධාන චරිතය වුනේ. ඔහු ඇසුරින් තමයි Marine Campaign එකේ Gameplay එක හදලා තිබුනේ. නවීන අවි ආයුධ සහ ආම්පන්න භාවිතා කරමින් Xenomorph ජීවීන් සහ Predator ජීවීන් සමඟ සටන් කිරීමේ හැකියාව මේ Campaign එක හරහා ක්‍රීඩකයාට ලැබුනා. [ First Person Shooter ] ... 🔸Dark නැමැති Elite Yautja කෙනෙක් තමයි Predator Campaign එකේ ප්‍රධාන චරිතය වුනේ. ඔහු ඇසුරින් තමයි Predator Campaign එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. උස් ස්ථානවල සිට බිමට පැනීමේ හැකියාව, දිගු දුරක් එකවර පැනීමේ හැකියාව, නොපෙනී යාමේ හැකියාව ඇතුළු විවිධ හැකියාවන් මේ Dark කියන Predator ට තිබුනා. එසේම Thermal Scanner, Plasma Canon, Chakram Disc, Throwing Spear සහ Wrist Blades කියන ආයුධ සහ ආම්පන්න වලින් සන්නද්ධ වෙලා තමයි මේ Dark හිටියේ. ඒ වගේම මේ Predator Campaign එක තමයි ක්‍රීඩකයින් අතර වැඩියෙන්ම ජනප්‍රිය වුනු Campaign එක වුනෙත්. [ First Person Action ] Story, Characters & Places 🔸මේ ගේම් එකේ Story එක ප්‍රධාන Campaign තුනකට වෙන් කරලා තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. Colonial Marine, Alien සහ Predator කියන Campaigns වලින් කැමති එකක් තෝරාගෙන මේ ගේම් එක ක්‍රීඩා කිරීමේ අවස්තාව ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. කොහොම වුනත් මේ ගේම් එකේ Story එක ගැන හරියටම දැන ගන්නනම් මේ Campaign තුනම ක්‍රීඩා කල යුතුයි. 🔹BG 386 කියන ග්‍රහලෝකය තුල සිදුවන්නාවූ සිදුවීම් කිහිපයක් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රහලෝකය තුල තිබෙන Weyland - Yutani කියන පර්යේෂණ මධ්‍යස්ථානය හා ඒ ආශ්‍රිත කලාපය තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනේ. මේ ග්‍රහලෝකයට පැමිණෙන මිනිසුන් විසින් Freya'S Prospect නැමැති මිනිස් ජනාවාසයක් නිර්මාණය කරනවා. විවිධ කැණීම් සහ පර්යේෂණ සිදු කිරීම සඳහා තමයි ඔවුන් විසින් මේ ජනාවාසය නිර්මාණය කරන්නේ. 🔸මේ Yutani Lab එකේ සිදුකරන පර්යේෂණ සඳහා යොදාගත්තු Xenomorph කෙනෙක් තමයි Six කියන්නේ. Karl Bishop Weylend තමයි මේ Alien Campaign එකේ Six ගේ ප්‍රධානම සතුරා විදිහට කටයුතු කරන්නේ. කොහොම හරි මේ පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පැන ගන්නට Six සමත් වෙනවා. පර්යේෂණ මධ්‍යස්ථානයේ සිරකර සිටින අනෙකුත් Xenomorph ජීවීන්ව නිදහස් කරගැනීමටත් Six සමත් වෙනවා. ඉන්පසු පර්යේෂණාගාරය අසල ඇති පිරිපහදු මධ්‍යස්ථානයක් තුල Xenomorph ජනාවාසයක් නිර්මාණය කිරීම සඳහා Six විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන් සහ Matriarch නැමැති තම රැජින ව ආරක්ෂා කිරීම සඳහා Six විසින් සිදුකරන්නාවූ සටන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Alien Campaign එක හදලා තියෙන්නේ. 🔹මේ ග්‍රහලෝකය අසල අභ්‍යවකාශයේ තිබෙන USS Marlow නැමැති අභ්‍යවකාශ යානයට ආරක්ෂාව සපයන කුඩා යානයක තමයි Rookie ඇතුළු ඔහුගේ කණ්ඩායම සිටින්නේ. Predators ලා විසින් එල්ල කරන ප්‍රහාරයකින් USS Marlow යානය විනාශ වෙලා යනවා. මේ ප්‍රහාරයෙන් Rookie සිටින යානයටත් බලපෑම් සිදුවෙලා ඔවුන්ගේ යානය Yutani පර්යේෂණාගාරය අසලට කඩා වැටෙනවා. මේ වෙනකොට Six ඇතුළු අනෙකුත් Xenomorph ජීවීන්ගේ පහරදීම් නිසා Yutani පර්යේෂණාගාරය ආශ්‍රිත කලාපය විනාශ වෙලා තමයි තියෙන්නේ. පර්යේෂණාගාරය අසල කලාපයේ විනාශ වී තිබෙන සන්නිවේදන පද්ධතිය සහ ආරක්ෂක පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරමින් පණපිටින් ඉතුරු වී සිටින තම කණ්ඩායමේ ඉතුරු සාමාජිකයින් සොයා Rookie විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ Marine Campaign එක හදලා තියෙන්නේ. 🔸BG 386 ග්‍රහලෝකයේ සිටින තම සහෝදර Yautja කෙනෙකුගෙන් ලැබුණු පණිවිඩයකට අනුව Dark මෙම BG 386 නැමැති ග්‍රහලෝකයට පැමිණෙනවා. තමාට පෙර මෙහි පැමිණි තම සහෝදර කණ්ඩායමට සිදූ වූ දේ සොයමින්, තමන්ගේ පූජනීය දඩයම් භූමි කෙලෙසූ Marine සෙබලුන් විනාශ කරමින් ඔහු සිදුකරන්නාවූ සටන් සහ Wrist Bracer නැමැති පෞරාණික මෙවලම සොයමින් ඔහු කරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ Predator Campaign එක නිර්මාණය කරලා තියෙන්නේ. Multiplayer Mode 🔹Domination, Infestation, Predator Hunt ඇතුළු මේ ගේම් එකටම විශේෂිත වුනු Gameplay Modes කිහිපයක්ම මේ ගේම් එකේ Multiplayer Mode එකට ඇතුලත් කරලා තිබුනා. මේ හරහා වෙනස්ම ආකාරයේ Multiplayer අත්දැකීමක් ලබා ගන්නත් ක්‍රීඩකයාට හැකියාව ලැබුනා. Downloadable Contents 🔸Swarm සහ Bughunt නැමැති DLC Map Pack දෙකක් පසු කාලයේදී මේ ගේම් එක වෙනුවෙන් Release වුනා. ඒ හරහා අලුත් Multiplayer Maps කිහිපයක් මෙන්ම අලුත් Survivor Maps කිහිපයකුත් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Special Facts 🔸2008 වර්ෂයේදී Kotaku කියන Gaming Website එක තමයි මේ ගේම් එක ගැන මුල්වරට ලෝකයට කරුණු අනාවරණය කලේ. 🔹මේ ගේම් එක ඇත්තටම 18+ ගේම් එකක්. ඒත් ඇත්තටම මේ ගේම් එකේ කිසිම Sexual Content එකක් නෑ. ලංකාවෙනම් 18+ ගේම් එකක් කිව්වම හුඟක් අය හිතන්නේ ඒ ගේම් එකේ Sexual Contents තියෙන නිසා ඒ ගේම් එක 18+ වෙනවා කියලයි. ඒත් ඇත්තටම වීඩියෝ ක්‍රීඩා ලෝකය තුල ගේම් එකක් 18+ Category එකට ඇතුලත් වෙන්නේ ඒ ගේම් එකේ තියෙන Sexual Contents නිසාම නෙමෙයි. මේ ගේම් එකේ තිබුන සාහසික බව [ Ultra Violence ] නිසා තමයි මේ ගේම් එක 18+ Category එකට අයිති වුනේ. විශේෂයෙන්ම Dark විසින් මිනිසුන්ගේ කොඳු ඇට පෙල සමඟ හිස ගලවා ගැනීමේ ක්‍රියාව මේ 18+ Rating එක සඳහා ඍජුවම බලපෑ බව තමයි XBOX සඟරාව වරක් ප්‍රකාශ කර තිබුනේ. Awards & Sales 🔸Gratest Game Ever Made Where You Can Pull A Guy's Spine Out While He Screams For Mercy 🔹Fastest Selling Game - 2010 - UK 🔸Best Selling Steam Game - 2010 🔹ඇත්තටම Release වුනු මුල් දවස්වල එක්සත් රාජධානියේ ජනප්‍රියම ගේම් එක බවට පත්වෙන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. 2010 වර්ෂයේ මැයි මාසය වනවිට මේ ගේම් එකේ Original Copies මිලියන 1.7 ක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම එක්සත් රාජධානිය තුල පමණක් මේ ගේම් එක අලෙවි කිරීමෙන් ලද ආදායම ස්ටර්ලින් පවුම් මිලියන දාහතරකට අධික වූ බව තමයි වාර්තාවල සඳහන් වුනේ. ඒ වගේම ලෝකයේ වැඩිම ආදායමක් ලබපු AVP ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.